සිහින සුළං රැළි හමා යාදෝ
සිහින ගඟුලැල් ගලා යාදෝ
මගේ සිහින මට අහිමි වේදෝ
දින ද සති මාසයි ගෙවෙන්නේ
ඔබගෙ ආගමනය නොවෙන්නේ
මග බලන දෙනුවන් තෙමෙන්නේ
පැතුම් බොඳ වී තනිව ඉන්නේ
සෙනෙහසේ නිම් හිම් සොයන්නයි
තවම නොදුටුව ලොව දකින්නයි
මතක පොත තව සොඳුරු වෙන්නයි
උවමනා හසරැල් නගන්නයි
___ ශාලු ___
No comments:
Post a Comment