මංමුලා වුනු හුදෙකලාවක
තටු නොලබනා කිසිඳු දිනයෙක
සරන්නට මා පැතූ ලෝකෙක
පංති භේදය අප අතර ඇත ප්‍රාකාරෙ වීලා
මව්පියන් මට එන්න දෙන්නෑ එබැමි බිඳ දාලා
ඔබත් අකමැතී දුක් විඳිනවට මා ඔබේ වීලා
මා කැමති නෑ කිසිඳු සැපකට ඔබෙන් වෙන් වීලා
නොහැකියි නම් වන්නට ඔබෙ ප්‍රියම්බිකා
සදහට ඉමි මව්පියන්ට වී දුවෙකා
සිත ඇතුලෙන් මවාන මෘදු සිහිනයෙකා
දිවිතුරාම සැනසෙමි යළි යළිත් දැකා
ආදරය නම් එක්වීම නොව ඔබ කියන්නේ නිරතුරේ
දුරක සිටියද සිතින් එක්වී සිනාසීමයි ආදරේ
ඔබ කියයි නම් එසේ ඉන්නම් සෙනේ සඟවා පපුතුරේ
වෙන කෙනෙකුගේ සොදුර නොම වෙමි හිමිය ඔබ සන්සාරේ
___ ශාලු ___
No comments:
Post a Comment