නින්දත් නොනින්දත් අතරේ රැ යහනේ
කලකට පසුව නෙතු ඇහැරන් දුටු සිහිනේ
පෙර කල රඟපු සුළු චරිතය අතැරමිනේ
මුලසුන දරාගෙන සැමතැන ඔබ උන්නේ
අමුත්තෙකුව මුල්වර ඔබ දුටුව දිනේ
මතකේ නොමැත මොන ලෙසදැයි සිත රැඳුනේ
මිතුරන් විලස දැන හඳුනාගෙන උන්නේ
කුළුපග උනේ කෙලෙසින්දැයි නොම දන්නේ
අතරමංව තනිවු බවක් හැඟුණු දිනේ
ඔබ සිටිනා බව තනියට නිති හැඟුනේ
මිරිඟුව වැනිය ඒ බව මා දැන උන්නේ
කතරක වුවද සතුටිනි මා පියමැන්නේ
වචනින් වචනයේ ඔබ ගැන කියවන්නේ
වෙසෙසක් නොවේ ඔබ පමණයි දැන උන්නේ
පිලිබඳ හැඟුම් ඔබ ගැන මට නෑ දැනුනේ
එනමුදු හදවතේ පතුලක ඔබ උන්නේ
පෙරකල සිහිනවල ඇයි ඔබ නොම උන්නේ
මේ සිහිනයේ ඔබ විතරක් ඇයි ඉන්නේ
දෙගිඩියාවකින් මා සිත පෙළමින්නේ
සිත ඔබ කෙරේ බැඳිලාදෝ නොම දන්නේ
වෙනස්වන්න කෙලෙසත් නෑ සිත දෙන්නේ
තනිවූ නිසා ඔබ හට නෑ ලංවෙන්නේ
ප්‍රේමය නොහඳුනමි කෙලෙසද සිදුවන්නේ
කෙලෙසද පෙමක් නම් ආත්මාර්ථය වන්නේ
ආයෙත් කියමි පෙම කිමදැයි නෑ දන්නේ
මා ඔබ කෙරේ බැඳිලයි මා රැවටෙන්නේ
මෙනිසා ඔබද රිදේවි යැයි බියවන්නේ
මුනිවත රකින්නෙමි ඔබෙ සුව පතමින්නේ
___ ශාලු ___
කලකට පසුව නෙතු ඇහැරන් දුටු සිහිනේ
පෙර කල රඟපු සුළු චරිතය අතැරමිනේ
මුලසුන දරාගෙන සැමතැන ඔබ උන්නේ
අමුත්තෙකුව මුල්වර ඔබ දුටුව දිනේ
මතකේ නොමැත මොන ලෙසදැයි සිත රැඳුනේ
මිතුරන් විලස දැන හඳුනාගෙන උන්නේ
කුළුපග උනේ කෙලෙසින්දැයි නොම දන්නේ
අතරමංව තනිවු බවක් හැඟුණු දිනේ
ඔබ සිටිනා බව තනියට නිති හැඟුනේ
මිරිඟුව වැනිය ඒ බව මා දැන උන්නේ
කතරක වුවද සතුටිනි මා පියමැන්නේ
වචනින් වචනයේ ඔබ ගැන කියවන්නේ
වෙසෙසක් නොවේ ඔබ පමණයි දැන උන්නේ
පිලිබඳ හැඟුම් ඔබ ගැන මට නෑ දැනුනේ
එනමුදු හදවතේ පතුලක ඔබ උන්නේ
පෙරකල සිහිනවල ඇයි ඔබ නොම උන්නේ
මේ සිහිනයේ ඔබ විතරක් ඇයි ඉන්නේ
දෙගිඩියාවකින් මා සිත පෙළමින්නේ
සිත ඔබ කෙරේ බැඳිලාදෝ නොම දන්නේ
වෙනස්වන්න කෙලෙසත් නෑ සිත දෙන්නේ
තනිවූ නිසා ඔබ හට නෑ ලංවෙන්නේ
ප්‍රේමය නොහඳුනමි කෙලෙසද සිදුවන්නේ
කෙලෙසද පෙමක් නම් ආත්මාර්ථය වන්නේ
ආයෙත් කියමි පෙම කිමදැයි නෑ දන්නේ
මා ඔබ කෙරේ බැඳිලයි මා රැවටෙන්නේ
මෙනිසා ඔබද රිදේවි යැයි බියවන්නේ
මුනිවත රකින්නෙමි ඔබෙ සුව පතමින්නේ
___ ශාලු ___
No comments:
Post a Comment