සිටි මිතුරු කැළ වෙන්වෙලා ගිය දුකින් සිත පෙලුනේ
පාලු සිත වෙත ඔබේ පණිවිඩ සැනසුමකි දුන්නේ
නිතර කීවෙමු රැයද දහවල කෙලෙසදැයි ගෙවුනේ
සතිද මාසද තනි වුවත් නෑ තනිකමක් දැනුනේ
ඈත දිවියේ වුනේ මොනවද කතන්දර කීවේ
අනාගතයට සිහින දහසක් එකට අප මැව්වේ
හරිද වැරදිද හොදද නරකද ඇයි කතා කෙරුවේ
ඔබට නොකියන කිසි දෙයක් නැත ඔබනෙ මට කීවේ
පුද්ගලික වූ ඔබේ ලොව ගැන කිමද මා සෙව්වේ
නිහඬ වී ගිය ඔබේ වෙනසට එයනෙ මුල් වුයේ
ඇසිල්ලෙන් මා පිට කෙනෙක් විය එයයි සිත තැලුවේ
කියනු කෙලෙසද ඔබේ ලොව ඔබ සතුටින්ය ගෙව්වේ
කුමක් ඇසුවද තතු සොයන සිත නැහැ වෙනස් වුයේ
සොයන තරමට මගේ පැවැතුම පහළටයි වැටුනේ
පිටස්තර වූ බිඳුණු සිත ගැන ඔබ නැහැනෙ තැවුනේ
ඔබේ නාමෙන් වැඩුනු ස්නේහෙට තිතක්ලමි ඉතිනේ
___ ශාලු ___
පාලු සිත වෙත ඔබේ පණිවිඩ සැනසුමකි දුන්නේ
නිතර කීවෙමු රැයද දහවල කෙලෙසදැයි ගෙවුනේ
සතිද මාසද තනි වුවත් නෑ තනිකමක් දැනුනේ
ඈත දිවියේ වුනේ මොනවද කතන්දර කීවේ
අනාගතයට සිහින දහසක් එකට අප මැව්වේ
හරිද වැරදිද හොදද නරකද ඇයි කතා කෙරුවේ
ඔබට නොකියන කිසි දෙයක් නැත ඔබනෙ මට කීවේ
පුද්ගලික වූ ඔබේ ලොව ගැන කිමද මා සෙව්වේ
නිහඬ වී ගිය ඔබේ වෙනසට එයනෙ මුල් වුයේ
ඇසිල්ලෙන් මා පිට කෙනෙක් විය එයයි සිත තැලුවේ
කියනු කෙලෙසද ඔබේ ලොව ඔබ සතුටින්ය ගෙව්වේ
කුමක් ඇසුවද තතු සොයන සිත නැහැ වෙනස් වුයේ
සොයන තරමට මගේ පැවැතුම පහළටයි වැටුනේ
පිටස්තර වූ බිඳුණු සිත ගැන ඔබ නැහැනෙ තැවුනේ
ඔබේ නාමෙන් වැඩුනු ස්නේහෙට තිතක්ලමි ඉතිනේ
___ ශාලු ___
No comments:
Post a Comment