හීන දහසක් හිතේ සඟවන්
කාලයක සිට බැන්ද ස්නේහෙන්
පැතූ පැතුමන් සඵල කරමින්
මා ඔබේ වන කාලේ ඇවිදින්
පාසලට ගොස් නැවත එනකන්
මග තොටෙදිත් රැක්කෙ නිතියෙන්
රෝස ලෝහිත දුන්න ඇල්මෙන්
මා ඔබේ වන කාලේ ඇවිදින්
නෙතට කඳුලක් කොහෙත් නොමදුන්
මුවග සිනහව නිබඳ රැකදුන්
පැතු පැතූ දේ සැණින් ගෙනදුන්
මා ඔබේ වන කාලේ ඇවිදින්
___ ශාලු ___
___ ශාලු ___
No comments:
Post a Comment