සිත පවසන්නට මිතුරෙකු නොවුනා
දෙනෝදහක් මැද තනිවනු දැනුනා
හද වාවන්නට නොහැකිව තැවුනා
මුහුණු පොතේ එක් දිනයක සරනා
ඔබගෙන් මිතුදමේ ඇරයුම් ලැබුනා
දිනයෙන් දිනයට කුළුපග වෙමිනා
ළබැඳෙකු වී මට ළංවනු පෙනුනා
පාළුව තනිකම ක්රමයෙන් මැකුනා
දෑසින් සතුටේ කඳුළු වැගිරුනා
දෙතොලග සිනහවේ කැකුළු පීදුනා
සියලුම සුසුමන් සෙනෙහෙන් පිරුනා
කෙලෙසත් කිසිදා වෙනස් නොවන්නා
සොයුරෙකු විලසින් මා රැකගන්නා
ඔබ මට අපමණ පොරොන්දු දුන්නා
ළදැරිය සේ මා අදහා උන්නා
පිළිබඳ සිතිවිලි ඔබට උපන්නා
ඔබෙ හද ඔබටම නතු නොමවන්නා
බැන්ද සෙනෙහසට නිගා නොවන්නා
ඉවසනු බැරිමුත් මා සමුගන්නා
___ ශාලු ___
මුහුණු පොතේ එක් දිනයක සරනා
ඔබගෙන් මිතුදමේ ඇරයුම් ලැබුනා
දිනයෙන් දිනයට කුළුපග වෙමිනා
ළබැඳෙකු වී මට ළංවනු පෙනුනා
පාළුව තනිකම ක්රමයෙන් මැකුනා
දෑසින් සතුටේ කඳුළු වැගිරුනා
දෙතොලග සිනහවේ කැකුළු පීදුනා
සියලුම සුසුමන් සෙනෙහෙන් පිරුනා
කෙලෙසත් කිසිදා වෙනස් නොවන්නා
සොයුරෙකු විලසින් මා රැකගන්නා
ඔබ මට අපමණ පොරොන්දු දුන්නා
ළදැරිය සේ මා අදහා උන්නා
පිළිබඳ සිතිවිලි ඔබට උපන්නා
ඔබෙ හද ඔබටම නතු නොමවන්නා
බැන්ද සෙනෙහසට නිගා නොවන්නා
ඉවසනු බැරිමුත් මා සමුගන්නා
___ ශාලු ___
No comments:
Post a Comment