එකට එක්වී පෑව හසරැල් කාලෙ ගතවී වියැකිලා
කෙලිකවටකම් දඟකාරකම් තාම නැත අමතක වෙලා
කී කතා පොදි ගෙනා තර්කද මතකයේ ඇත ගුලිවෙලා
ළබැඳියනි ඔබ මතකයට එයි මා කොහේදෝ තනිවෙලා
කාලෙ මරමින් කළෙ පරික්ෂණ රණ්ඩු කරමින් රොක්වෙලා
පිස්සු නටමින් අපි කියයි ඒ අපෙ අලුත් නියමය කියා
දෝෂ දුටුවිට ලැබු නිරික්ෂණ වෙනස් කලෙ නිගමන බලා
කෙලිදෙලෙන් ගෙව් කාලෙ සිහිවී දෑස මාගේ බොඳවෙලා
වසත් කාලය නිමා වී ඇත එකිනෙකා අප වෙන්වෙලා
ජය ලබන්නට ජීවිතේ ඇත ගොඩක් අරමුණු රැස්වෙලා
සෑම දිනයක් නිමාවූවත් අවුල් ජාලෙක පැටලිලා
තව වතාවක් හිනැහෙමුද අපි දිනකදී යළි හමුවෙලා
___ ශාලු ___
___ ශාලු ___
No comments:
Post a Comment